මොකක්ද ලංකාවට අහිමි New Neutrality

ලංකාවේ අන්තාර්ජාල සේවා සපයන්නන් ඔබට නොකියන පැතිකඩ

Rukshan
2 min readJan 12, 2021

Netowork neutrality, නැතිනම් net neutrality කියන්නේ ලෝකයේ ගොඩක් දියුණු රටවල තියෙන දෙයක්. Net neutrality හදලා තියෙන්නේ අන්තර්ජාලය සමාගම් කිහිපයකට අයිති වෙන එක නතර කිරීමට හා අන්තර්ජාලයේ දියුණුව පවත්වාගෙන යාමට.

විකිපීඩියා එකේ net neutrality කියන එකේ තේරුමට ගැන කියන්නේ,

Network neutrality, most commonly called net neutrality, is the principle that Internet service providers (ISPs) must treat all Internetcommunications equally, and not discriminate or charge differently based on user, content, website, platform, application, type of equipment, source address, destination address, or method of communication.

ඒ කියන්නේ කිසිම අන්තර්ජාල සේවා සපයනෙක්ට, තමන්ට කැමති සේවාවකට, වෙබ් අඩවියකට විශේෂ වරප්‍රසාද ලබාදිය නොහැකි. එහෙම වරප්‍රසාදයක් දෙනවා නම් එක සැම සේවවකටම එක විදිහට ලබාදිය යුතු වෙනවා.

නමුත් ශ්‍රී ලංකාවේ මේ කියන එක දිනපතාම පහේ උල්ලංගනය වෙනවා. මේකට හොදම උදාහරණයක් වන්නේ අපිට ලබා දෙන විශේෂ Zoom, Facebook, WhatsApp පැකේජ. මෙම පැකේජ නිසා මෙවැනිම සේවා ලබාදෙන අනෙකුත් ආයතන වලට අවාසියක් වෙනවා.

මේ නිසා සමහර වෙලාවට අවාසියක් සිද්ද වෙන්නේ පාරිබෝගිකයන් වෙන ඔබට සහ මටමයි. උදාහරණයක් විදිහට අන්තර්ජාල සේවා සපයන්නන් මගින් Zoom පැකේජ ලබා දෙනවා, නමුත් Zoom මගින් නොමිලේ ලබා දෙන්නේ පයක් හෝ විනාඩි 40ක කාලයක් පමණයි, නමුත් Zoom වැනිම සේවාවක් ලබාදෙන Google Meet මගින් පැය 5ක නොමිලේ කාලයක් ලබා දෙනවා.

නමුත් ලංකාවේ අන්තර්ජාල සේවා සපයන්නන් Zoom පැකේජ විතරක් ලබා දෙන නිසා අපිට Google Meet වැනි වඩා හොද සේවයක් ලබා ගැනීමට මග හැරෙනවා.

WhatsApp පැකේජ නිසා Viber, Telegram, Signal වැනි සේවා සදහා අවාසියක් වෙනවා.

තවද ලංකාවේ නොමැති කම නිසා, ලංකාවේ නව නිපැයුම් කිරීමට සමාගම්, පුද්ගලයන් මැලි වෙනවා.

අපි WhatsApp උදාහරණය ගත්තොත්, ලංකාවේ WhatsApp වැනි හෝ ඊට වඩා හොද ඇප් එකක් නිර්මාණය කිරීමට අදහසක් කෙනෙක්ට ආවත්, ලංකාවේ අන්තර්ජාල සේවා සපයන්නන් Whatsapp සදහා විශේෂ වරප්‍රසාද ලබා දෙන නිසා එවැනි දෙයක් නිර්මාණය කිරීමට පුද්ගලයන් මැලි වෙනවා.

මොකද ලංකාවේ මිනිසුන්ට නොමිලේ WahtsApp පැකේජ් ඇති විට, නව සේවාවකට දත්ත වලට මුදල් ගෙවා යාමට මිනිසුන් කැමති වන්නේ නැ.

Net neutrality නොමැතිකම නිසා ලංකාවේ තාක්ෂණික දියුණුව මෙන්ම, ගුණාත්මක සේවා, හෝ තමන් කැමති සේවාවක් භාවිතා කිරීම ඇති හැකියාව අපිට මගහැරෙනවා.

නමුත් යුරෝපා හෝ අනෙකුත් දියුණු රටවල මෙවැනි අන්තර්ජාල සේවා සපයන්නන් තෝරාගත් සේවාවකට විශේෂ වාසියක් ලබාදීම නීති විරෝධී වෙනවා

තවද මෙම පැකේජ මගින් ලංකාවද සීමාරහිත අන්තර්ජාල පහසුකම ලබා දීම මගහැරීමට අන්තර්ජාල සේවා සපයන්නන් යොදා ගන්නවා.

--

--

Rukshan
Rukshan

Written by Rukshan

I'm a blogger and I'm interested in technology, startups and making new things. ✌

No responses yet